ශිල්ප 2014 ජාතික හස්ත කර්මාන්ත සම්මාන පිරිනැමේ
ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ අගයමින් ජාතික ශිල්ප සභාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 'ශිල්ප 2014' ජාතික හස්ත කර්මාන්ත සම්මාන ප්රදානෝත්සවය අද (29දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවත්විණි.
මෙම සම්මාන උලෙළේදී පාරම්පරික ශිල්ප ඥානය ගුරුකොට ගෙන ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමයන් සුරකිමින් ස්වකීය නිර්මාණ කෞෂල්‍ය නිවැරදි හා නොමසුරුව භාවිත වන පරිදි නිර්මාණකරණයේ නියුතු වූ කලාකරුවෝ රැසක් සම්මානයෙන් පිදුම් ලැබූහ.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පී.එම්.කේ.පී. තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
.jpg)
(1).jpg)




ඡායාරූප - රුමේෂ් ධනුෂ්ක සිල්වා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
