ජාත්‍යන්තර කීර්තියක් දිනූ ව්‍යවසාය ප්‍රධානීන් සහ ව්‍යාපාරිකයන් රැසක් ඩවෝස් නුවර ලෝක ආර්ථික සමුළුවට සමගාවීම හමුවී සාකච්ඡා කිරීමේ අවස්ථාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා දූත පිරිසකට හැකිවී තිබේ.
එසේ හමුවූ පිරිස් අතර හින්දුජා සමූහ ව්‍යාපාරයේ සම සභාපති ගෝපිචාන්ද් පී හින්දුජා මහතා තෙල් පිරිපහදු සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානම් බව පවසා තිබේ. ඊට අමතරව, ප්‍රවාහන හා සංචාරක ක්ෂේත්‍ර පිළිබඳවද හෙතෙම උනන්දුවක් දක්වා ඇත.
ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුවේ සභාපති ජොසේ විනාල්ස් මහතා පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ සංවාර්ධන ක්‍රියාමාර්ගය සඳහා ප්‍රායෝගිකව සම්බන්ධ වීමට තම බැංකුව සූදානම් බවය. එහිදී, බැංකුව ලබන මාර්තුවේදී ලන්ඩන් නුවරදී ඉහළ පෙළේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවක් පවත්වන බවද පවසා තිබේ.
මේ අතර, වානේ නිෂ්පාදන සමාගමක් වන ආර්සලර් මිටාල් සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මි එන්. මිටාල් මහතා හා අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වන අනාගත ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.
මීට අමතරව, ඩුබායි ජාත්‍යන්තර ආයෝජන සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී අල්ශා ඉබානි මහතාද අගමැතිවරයා ප්රමුඛ දූත පිරිස හමුවී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡා කර තිබේ.
පීඊ ප්‍රවාහන සමාගමේ සභාපතිනී සහ ප්‍රධාන විධායක නිලධාරීනී ජැමී මිලර් මහත්මිය ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරමින් ආයෝජන සිදුකිරීමට කැමැත්ත පළ කළ බව ශ්‍රී ලංකා දූත පිරිස පවසයි.