ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට මුදල් ගැටලුවක් නොවේලු
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මුදල් සොයාගැනීම විශාල ගැටලුවක් නොවන බවත්, විවිධ බැංකු මගින් ව්‍යාපාරික ප්‍රජාව සඳහා ණය ලබාදෙන නමුත් ව්‍යාපාර බිහිවීම ප්‍රමාණවත් නොවන බවත් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්යක්ෂ සුධීර ජයරත්න මහතා පැවසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මාතලේ කාර්යාලය මගින් දිස්ත්‍රික්කයේ ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නන් උදෙසා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පසුගියදා පැවැත්වූ විශේෂ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අමතමිනි.
ලෝකයේ සෙසු රටවල් හා සැසඳීමේදී ශ්‍රී ලංකාව සම්පත් අතින් ලෝකයේ කිසිදු රටකට නොදෙවෙනි බව පැවසූ අධ්යක්ෂවරයා ලංකාව තුළ විවිධ හැකියාවන් දක්ෂතාවන් තිබෙන පුද්ගලයන් නොඅඩුව වෙසෙන බවද සඳහන් කළේය. කෙසේ වෙතත් නිෂ්පාදන කේෂ්ත්‍රයේ තවදුරටත් හිදැස් තිබෙන බව පැවසූ ජයරත්න මහතා ව්‍යාපාර කිරීම සඳහා දැනුම පමණක් ප්‍රමාණවත් නොවන බවත් උත්සාහය හා විශ්වාසයද අත්‍යවශ්‍ය බව පැවසීය.
නිෂ්පාදනයක් කිරීමේදී වෙළෙඳ පොළ පිළිබඳ ව ව්‍යාපාරික ප්‍රජාවට අවබෝධයක් තිබිය යුතු බවත්, තමා දන්නාදෙය නිෂ්පාදනය කිරීමට පෙළඹෙනවාට වඩා වෙළෙඳ පොළට අවශ්‍ය දෙය සොයාබලා නිෂ්පාදනය කිරීම වැදගත් වන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ මාතලේ දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්යක්ෂ ලලිත් දිසානායක, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ජයන්ත ධනපාල යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වූහ.
popular news
-
සමන් කූමාර। Sunday, 15 December 2019 09:54 PM
අප අයතනය ට ඔඛ අයතයන් උද ව් ඔ නේ අයතනේ ක අඩා වැටන තත්වේ තී। යන්। නේ। 0777224817। කතාක්රන්ඩ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

