ශ්රී ලංකාව හා මාලදිවයින අතර ආර්ථික හා වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීම සඳහා ශ්රී ලංකා හා මාලදිවයින් ජනාධිපතිවරු සාකච්ඡා කර තිබේ.
මාලදිවයිනේ 50 වැනි ජාතික නිදහස් උලෙළේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට එරටට ගොස් සිටින ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල්ලා යන මහත්වරු අතර මෙම සාකච්ඡා පැවැත්වී තිබේ.
එහිදී, දෙරටේ ආර්ථික හා වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීමට මෙන්ම, දෙරටේ මානව සම්පත් සංවර්ධනය සඳහා හුවමාරු වැඩසටහන් ක්රිමාත්මක කිරීමටද අවධානය යොමුව තිබේ.
එමෙන්ම, දෙරට අතර සංචාරක කටයුතු ප්රවර්ධනය කරගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා පැවැත්වී තිබේ.