තම ආර්ථිකය වර්ධනය කරන ප්‍රේරක ලෙස කෘෂිකර්මය, සංචාරක ව්‍යාපාරය හා නිෂ්පාදනයන් පත්ව ඇති බව ඩකා නුවර පාදක කරගත් පිලිපීන තානාපති තැන්පත් විසන්ට් බැන්ඩිලෝ මහතා පවසා සිටියේය.
හෙතෙම මෙසේ පවසා සිටියේ පසුගියදා මාර්තු 31 වැනිදා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය වෙත පැමිණි අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී/මහ ලේකම් මංගල යාපා මහතා තානාපතිවරයා වෙත තම මණ්ඩලය සමග එක්ව කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර සහයෝගීතාවයන් ඇති කළ හැකි ක්ෂේත්‍ර හඳුනාගැනීමට ආරාධනා කළ අතර, SAFTA ගිවිසුමට අමතරව විශේෂයෙන් ඉන්දු-ලංකා, ශ්‍රී ලංකා-පාකිස්ථාන නිදහස් වෙළෙඳ ගිවිසුම් වැනි දැනට පවතින වෙළෙඳ ගිවිසුම් මගින් ලැබිය හැකි ප්රතිලාභ පිළිබඳව අවධානය යොමු කරන ලෙසද ඉල්ලා සිටියේය. පවතින ව්‍යාපාරික පරිසරය පිළිබඳව අදහස් දැක්වූ යාපා මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා රේගුව මගින් හඳුන්වා දෙනු ලැබූ විසි හතර පැය පුරා සේවය තුළින් තම අපනයනයන් වර්ධනය කරගැනීමට අපනයනකරුවන්ට වැඩි ඉඩක් සැලසෙන බවය. දිවයිනෙහි දකුණුදිග පිහිටා ඇති නිදහස් වරාය කලාපය තුළ පවතින දියුණු තාක්ෂණික මෙවලම් හා උසස් යටිතල පහසුකම් යොදාගනිමින් පිලිපීන අපනයනකරුවන්ටද අමුද්‍රව්‍ය සකස් කරගත හැකි වන අතර කලාපයේ පවතින රටවල් ගණනාවකට ඒවා නැවත ප්‍රති-අපනයනය කළ හැකි බවද පෙන්වා දුන්නේය.