ශ්‍රී ලංකාව, චීන සංචාරකයන්ගේ හොඳම සංචාරක ගමනාන්තය (Best Travel Destination) ලෙස සම්මාන ලබා ඇති බව වාර්තා වෙයි.
මේ ආකාරයෙන් ශ්‍රී ලංකාව සම්මානයට පාත්‍ර වී ඇත්තේ චීනයේ 'Travel and Leisure' සඟරාව විසින් වාර්ෂිකව සංවිධානය කරන සංචාරක සම්මාන උලෙළේදීය. මෙම සම්මාන ප්‍රධානෝත්සවය පසුගියදා චීනයේ බෙයිජිං නුවරදී පැවැත්විණි.
මෙහිදී හොඳම සංචාරක ගමනාන්තය, හොඳම සත්කාරක සපයන්නා, හොඳම ගුවන් සේවය හා හොඳම සංචාරක ආයතනය යන සම්මාන ප්රදානය කෙරෙයි.
චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම උත්සවයේදී සම්මානය ලබාගත් අතර, මෙම සම්මාන ප්‍රධානෝත්සවයට රාජතාන්ත්‍රිකයන්, සංචාරක විධායකයන් සහ සංචාරක ක්ෂේත්රයේ මාධ්‍ය නියෝජනය කරන විවිධ පාර්ශ්ව ඇතුළු 400කට වැඩි පිරිසක් සහභාගි වූ බවද පැවසෙයි.