ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්තය පිළිබඳ විස්තර ඇතුළත් සිතියම පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාත වෙත පිළිගැන්වීය.
ශ්‍රී ලංකාවේ සියලුම හස්ත කර්මාන්ත, ඒවා ක්‍රියාත්මක වන ආකාරය, ඒවාට පසුබිම් වූ හේතු මෙන්ම එම කර්මාන්ත ස්ථානගත වී ඇති ප්‍රදේශ පිළිබඳ විස්තර මෙම සිතියමට ඇතුළත් බව මෙම සිතියම සම්පාදනය කළ ජාතික ශිල්ප සභාව කියයි.
එමෙන් ම සංචාරක කර්මාන්තයට වැදගත් වන අයුරින් මෙරට හස්ත කර්මාන්ත ස්ථානගත වී ඇති අයුරුද මෙහි විශේෂයෙන් පෙන්වා දී ඇති බවද ඔවුන් පවසයි.
සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත්, ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධික කීර්තිසේන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.