ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය, රුමේනියානු තානාපති කාර්යාලය හා රුමේනියානු කොන්සල් කාර්යාලය එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකා - රුමේනියා ව්‍යාපාරික සංසදය සාර්ථකව නිමාවට පත්ව තිබේ.
ශ්‍රී ලංකාව සමග ද්වීපාර්ශ්වික වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකේය අපනයනකරුවන් හමුවී සාකච්ඡා පැවැත්වීම මෙම සංසදයේ ප්‍රධාන අරමුණ බව කියැවෙයි.
විදුලි උපකරණ. වාහන හා වාහන අමතර කොටස්, යන්ත්‍ර සූත්‍ර, ධාන්‍ය වර්ග, වානේ හා යකඩ, තෙල් වර්ග, ලී හා ගෘහ භාණ්ඩ, රබර්, ලිපි ද්‍රව්‍ය, කාබනික හා කාබනික නොවන ද්‍රව්‍ය රුමේනියාවේ සිට මෙරටට ආනයනය කිරීම මගින් දේශීය ආර්ථිකය සංවර්ධනය කිරීමට හැකියාව ලැබෙන බවත්, රුමේනියාවේ සිට සෘජුවම ආනයනය කිරීමට සම්බන්ධ වී සිටින ආනයනකරුවන් හඳුනා ගැනීමට හා රුමේනියාව සමග කරනු ලබන ව්‍යාපාරික කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට මෙන්ම, වෙළෙඳ පොළ සම්බන්ධ තොරතුරු පිළිබඳ සාකච්ඡා කිරීමටත්, තානාපතිවරයා හා කොන්සල්වරයා හමුවී උපදෙස් ලබාගැනීමටත් මෙහිදී අවස්ථාව උදාවූ බවත් සඳහන් වේ.