ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ කටයුතු සම්බන්ධ සම්මන්ත්‍රණය හෙවත්, ප්‍රංශ තානාපති එච්.ඊ. ජීන් මාරින් ෂෝක්ෂු මහතා ප්රමුඛ 'තානාපති හමුව' (Meet The Ambassador) වැඩසටහන 2018 මැයි මස 10දා කොළඹදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන මෙම වැඩසටහන එදින ප.ව.3.00 සිට ප.ව.4.30 දක්වා අංක 450, ඩී.ආර්. විජයවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනු ඇත.
මෙම වැඩසටහනේදී ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත අතර, මේ සඳහා සහභාගී වන අයට ප්‍රංශ තානාපති ඇතුළු අනෙකුත් නිලධාරීන් සමග සමීපව සාකච්ඡා කිරීමටත්, ප්‍රංශ ව්‍යාපාර කටයුතු හා අවස්ථා පිළිබඳව තොරතුරු දැනගැනීමට සහ ප්‍රංශ තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලාංකිකයන්ට සලසන සේවා ගැන දැනගැනීමටද හැකියාව ලැබෙන බවද වාණිජ මණ්ඩලය පවසයි.
ප්‍රංශයේ අපනයන භාණ්ඩ ලෙස යන්ත්‍රෝපකරණ හා ප්‍රවාහන උපකරණ, ගුවන් යානා, ප්ලාස්ටික්, රසායනික ද්‍රව්‍යය, ඖෂධ වර්ග, යකඩ හා වානේ, පාන වර්ග පෙන්වා දිය හැකිය. එමෙන්ම, එරට ආනයන භාණ්ඩ ලෙස යන්ත්‍ර හා උපකරණ, වාහන, බොරතෙල්, ගුවන්යානා, ප්ලාස්ටික්, රසායනික ද්‍රව්‍ය සැලකෙයි.
එහිදී, ශ්‍රී ලංකාවෙන් ප්‍රංශය වෙත සිදුකෙරෙන අපනයන අතර නිමිඇඳුම්, වොල්කනයිස් රබර්, මාළු, පොල්, නැවත පිරවූ හා වායුගතකළ රබර්, තේ, වටිනා ඛනිජ වර්ග දැක්විය හැකිය.
මෙම වැඩසටහන සඳහා ලියාපදිංචිවීමට 011-4741788 යන දුරකථන අංකය ඔස්සේ හෝ [email protected] සහ [email protected] යන විද්‍යුත් ලිපිනයන් ඔස්සේ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සමග සම්බන්ධ විය හැකි බව ඔවුහු වැඩිදුරටත් පවසති.