ජපන් අග්රාමාත්ය ෂින්සෝ අබේ මහතා නිල සංචාරයක් සඳහා අද (07දා) දිවයිනට පැමිණියේය.
ජපාන අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් අද රාත්රීයේදී කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේදී ශ්රී ලංකා - ජපන් ව්යාපාරික හමුව සිදුවූ අතර, එහිදී දෙරටේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.
වෙළෙඳාම හා අයෝජනය වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී පුළුල් වශයෙන් කතාබට ලක්වූ අතර, ජපානය ශ්රී ලංකාවට වැදගත් වෙළෙඳ පොළක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේය.
එමෙන්ම, මෙරට ජපන් ආයෝජන දිරිමත් කිරීම සඳහා අයෝජන ප්රවර්ධන මණ්ඩලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තෝකියෝ මිට්සුබිෂි බැංකුව, යුඑෆ්ජේ ප්රථම ජපන් බැංකුව වූ බවද මෙහිදී සඳහන් විය.