ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙරට ප්‍රධාන පෙළේ ආර්ථික හමුවක් ලෙස සැලකෙන 'ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2015' අද (04දා) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය.
අද සමුළුවේ ප්‍රධාන දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ අතර, වසර පහක් තුළදී තරුණ තරුණියන් වෙත රැකියා දස ලක්ෂයක් ලබාදීමේ ආර්ථික සැලසුමක් සඳහා සියලු කටයුතු යොදා ඇති බව එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේය.
දින දෙකක් පුරා (05දා දක්වා) පැවැත්වෙන සමුළුව සැසි 8කින් සමන්විත වන අතර, එහිදී 'ඇ.ඩො.බිලියන 50ක් දක්වා අපනයනයන්' (Towards Exports of US$ 50 billion) යන සමුළුවේ තේමාව යටතේ විවිධ මාතෘකා රැසක් සාකච්ඡාවට බඳුන් වෙයි.
සමුළුවේ අවසාන සැසි වාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සභාව ඇමතීමෙන් පසුව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලෙය් උප සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා විසින් 2015 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ නිමාව සනිටුහන් කරනු ඇත.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් මීට වසර 16 කට පෙර සංවිධානය කිරීම ඇරඹි 'ශ්‍රී ලංකා ආර්ථික සමුළුව' වාර්ෂිකව පවත්වනු ලබන ප්රමුඛ ආර්ථික සමුළුවක් ලෙස පිළිගැනෙන අතර, රටේ ආර්ථිකයට අදාළ වඩාත් සංවේදී කාරණා රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් වෙයි.
ඡායාරූප - උපුල් අබේසේකර