ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙරට ප්‍රධාන පෙළේ ආර්ථික හමුවක් ලෙස සැලකෙන 'ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2015' එළැඹෙන අගෝස්තු 04 සහ 05 යන දෙදින තුළ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
මෙහිදී ප්‍රධාන දේශන සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් සහභාගි වන බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පෙන්වා දෙයි. මීට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනෙක්ද මෙවර සමුළුවට සහභාගි වන බවද පැවසෙයි.