ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද 2013/14 ආර්ථික සංගණනයේ ලැයිස්තු ගතකිරීමේ අදියරේ දත්ත සමුදායන් ඇසුරින් කරනලද විශ්ලේෂණාත්මක විග්රහයන් ඉදිරිපත්කර ඇති 'ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සිතියම් සංග්‍රහය - 2013/14' මෑතකදී එළිදක්වා තිබේ.
වර්ෂ 1871 දී ප්‍රථම වරට ජන හා නිවාස සංගණනයක් පවත්වනලද දකුණු ආසියානු රට ශ්‍රී ලංකාවය. නමුත් මින් පෙර වෙන වෙනම පවත්වන ලද කෘෂිකාර්මික හා කර්මාන්ත/වෙළෙඳ/සේවා සංගණන එක් කරමින් මුල්වරට ආර්ථික සංගණනයක් පවත්වන ලද්දේ 2014 වසරේදීය. තවද, මේ සංඛ්‍යාති ප්‍රතිපත්ති සැලසුම් සඳහා ව්‍යාපාර දත්ත යොදාගැනීම, විවිධ පර්යේෂණ, තම නිෂ්පාදන සඳහා නව වෙළෙඳ පොළවල් සොයාගැනීම ආදී විවිධ කටයුතු සඳහා වැදගත් වේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංගණනයේ (2014) කෘෂිකාර්මික නොවන ආර්ථික කටයුතු ගණන් ගැනීමේ අදියරට මිලියන 1.02ක පමණ ආයතන ගණනක් අයත් වූ අතර, ඉන් මිලියන 0.26ක් නිෂ්පාදන හා ඉදිකිරීම් ආයතනද, මිලියන 0.49ක් වෙළඳ ආයතනද, මිලියන 0.34ක් සේවා ආයතනද විය.
ආර්ථික සංගණනය මගින් සම්පාදනය කරන ලද සංඛ්‍යාත්මක, භූගෝලීය සහ අනෙකුත් දත්ත සංකලනය කරමින් සැකසූ මෙම සිතියම් සංග්‍රහය, මෙරට ප්‍රතිපත්ති සම්පාදකයන්, සංවර්ධන විශේෂඥයන් සහ අනෙකුත් ආයතන වෙත නිවැරදි තීරණ ගැනීම සහ ප්‍රතිපත්ති සැකසීම සඳහා භාවිත කළ හැකි වැදගත් මුලාශ්‍රයක් ලෙස සැලකිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. සියලු ආර්ථික කටයුතු විසිරී ඇති ආකාරය, කාර්මික අංශයේ වැදගත් දර්ශක, විශේෂයෙන් සැලකිලිමත් වියයුතු වන අවිධිමත් අංශයද ඇතුලත්ව සේවා අංශයේ විසිරීම, සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත ව්‍යාප්තිය, කෘෂිකාර්මික නොවන ආර්ථික අංශයේ රැකියා අවස්ථා ආදිය පාදක කරගනිමින් ආර්ථික සංවර්ධනය සඳහා සුදුසු ප්‍රදේශ මෙම සිතියම් අධයනය කිරීමෙන් හඳුනාගත හැකි බවද ඔවුහු පවසති.
සිතියම් සංග්‍රහයේ ප්‍රධාන තේමාවන් විශ්ලේෂණය කර සිතියම් ඇසුරින් මනාව දෘශ්‍ය මාන වන ලෙස තාක්ෂණික ශිල්ප ක්‍රම යොදාගනිමින් සකස්කර ඇති අතර ජනගහන ඝනත්වය, දරිද්‍රතාවය ආදී වෙනත් දත්ත සමග සැසඳීම් කර, දර්ශක සකස් කර, කාණ්ඩ ගතකර ඉදිරිපත් කර ඇත. සිතියම් සංග්‍රහය තුළ පරිපාලන කොට්ඨාශ අනුව, අංශ අනුව, ආර්ථික අංශ අනුව, ශ්‍රී ලංකා සම්මත කර්මාන්ත වර්ගීකරණය (SLSIC) අනුව, විවිධ විග්රහයන් අනුව ආයතන සහ සේවා නියුක්තියේ විසිරීම සහ ඝනත්වයේ විසිරීම අනුව, කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත වර්ගීකරණය (SME) අනුව සහ එම වර්ගීකරණයන්ගේ ඡේදනයන් අනුවද සිතියම් සකස් කර ඇත. තවද, උචිත ස්ථානවලදී තවදුරටත් විස්තර සැපයීම සහ නිරීක්ෂණය කිරීමේ පහසුව සලකා දත්ත වගු සහ ප්‍රස්තාර මගින්ද ඉදිරිපත් කර ඇත.
එබැවින් 'ආර්ථික කටයුතු පිළිබඳ සිතියම් සංග්‍රහය - 2013/14', ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදනය, පර්යේෂණ, ආර්ථික විශ්ලේෂණ සහ අධ්‍යාපන අවශ්‍යතා ආදිය සඳහා නව මානයක් ඔස්සේ තොරතුරු ලබාගත හැකි වැදගත් මූලාශ්‍රයක් වනු ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. එමෙන්ම, මෙම සිතියම් සංග්‍රහයේ පිටපතක් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.statistics.gov.lk ඔස්සේ ප්‍රසිද්ධ කර තිබේ.