ශ්රී ලංකන් ගුවන් සමාගම ඉන්දියාවේ බොම්බේ හි පැවැත් වූ OTM වෙළෙඳ සංචාරක ප්රදර්ශනයේදී %විශිෂ්ට වටිනාකමකින් යුත් විවේකය සඳහා වූ නිෂ්පාදනය^ වෙනුවෙන් වූ සම්මානයෙන් පිදුම් ලබා තිබේ. 2015 වසරේදී බොම්බේ හි පැවැත්වූ ඉන්දියාවේ විශාලතම වෙළෙඳ සංචාරක ප්රදර්ශනයක් වන මෙම OTM වෙළෙඳ සංචාරක ප්රදර්ශනය රටවල් 50ක, ප්රදර්ශනකරුවන් 850ක සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්විණි.
'විශිෂ්ට වටිනාකමකින් යුත් විවේකය සඳහා වූ නිෂ්පාදනය' වෙනුවෙන් මෙවැනි සම්මාන උලෙළක් පැවැත්වීමේ අරමුණ වී ඇත්තේ, විශිෂ්ට නිෂ්පාදන, පරිසරය, පහසු මිලකට ලබාදෙන සේවාවන්හි ගුණාත්මකබව සහ නිවාඩු සඳහා ගමන් කිරීම යන කරුණු පාදක කරගනිමිනි.