ශ්‍රී ලංකන් වෙතින් සතුන් සහ වෘක්ෂලතා සඳහා ආයතනික ප්‍රතිපත්තියක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගම එහි ගෝලීය සංරක්ෂණ ප්රයත්නයන් හි මූලික පියවරක් ලෙස සිය ගුවන් යානාවන් හි සතුන් සහ ශාක ගුවනේ රැගෙන යාම සම්බන්ධ ආයතනික ප්‍රතිපත්තිය පසුගිය 22දා දියත් කරනු ලැබීය.
ගුවන් සමාගම පවසා සිටියේ ජීව විශේෂ ජාවාරම පිටුදැකීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන් ඔවුන් මෙය කළ බවයි.
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජාත්‍යන්තර සංරක්ෂණ ක්‍රියාමාර්ග වන වනසතුන් දඩයම් කර සත්ව කොටස් ප්‍රවාහනය කිරීම පිටුදැකීම, තර්ජනයට මුහුණුපා ඇති සතුන් වෙළෙඳාම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (Convention on International Trade in Endangered Species - CITES) මගින් ලැයිස්තුගත කර ඇති වඳවීයාමේ තර්ජනයට මුහුණුපා ඇති සත්ව විශේෂ හෝ කොටස් ප්‍රවාහනය පිටුදැකීම, මිනිස් නොවන අනෙකුත් ජීවින් පර්යේෂණාගාර හෝ පර්යේෂණාගාර සැපයුම්කරුවන් සඳහා ප්‍රවාහනය අත්හිටුවීම, ජාතික රෙගුලාසි සහ නියාමන අධිකාරි අනුමැතීන් වන නිසි ලියවිලි සහ නිසි ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමට දැඩි ලෙස කටයුතු කරන බවද ගුවන් සමාගම දන්වා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

