ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකාරීත්වය සහ ශ්‍රී ලංකා ගුවන් නියමු සංසදය අතර 2017 සැප්තැම්බර් මස තෙක් බලපවත්වන පරිදි වන ගිවිසුමකට පසුගියදා අත්සන් තැබූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
ගුවන් සේවා ක්ෂේත්රයේ ප්රවණතාවයන් සැලකිල්ලට ගනිමින් හා සේවක කාර්යක්ෂමතාවය දියුණු කිරීම මෙහි අරමුණ බවත්, වද ආයතනයේ ව්‍යාපාරික සැලසුම් වෙත වැඩි දායකත්වයක් අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව ලබා ගැනීම පිළිබඳව මෙහිදී වැඩි වශයෙන් අවධාරණය කරන බවත් පැවසෙයි.