ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉන්දියාවේ හතර වැනි විශාලතම නගරය වන හයිද්‍රාබාද් වෙත සිය ගුවන් මෙහෙයුම් ඇරඹීම ඊයේ (12දා) සිදුව තිබේ.
ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ අගනගරය වන හයිද්‍රාබාද් වෙත සතියකට ගුවන් ගමන් වාර 4ක් සිදුකිරීමට ගුවන් සමාගම කටයතු කරන අතර, හයිද්‍රාබාද් වෙත මෙහෙයුම් ආරම්භ කිරීමෙන් ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් ගෝලිය ගුවන් ගමන් ජාලය හරහා ලෝකය වෙත සම්බන්ධ වීමට අවස්ථා උදාවනු ඇති බව එම ගුවන් සමාගම කියයි.