ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2017 අනාගත සංචාරක අත්දැකීම් ආසියා සම්මාන උළෙලේදී (Future Travel Experience Asia Awards ) මධ්‍යම සහ දකුණු ආසියාවේ විශිෂ්ටතම සමස්ත සේවා ගුවන්සේවය ලෙස නොකඩවා තෙවැනි වසරටත් පසුගියදා පිදුම් ලබා තිබේ.
මෙම සම්මාන උලෙළ ආසියාවේ සහ ඕෂනියාවේ බොහෝ පාරිභෝගික කේන්ද්‍රීය ගුවන් සේවා සහ ගුවන් තොටුපළවල් විසින් පිළිගනු ලබන සම්මාන උලෙළක් බව එම ගුවන් සමාගම පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ “මේ සම්මානය ගුවන් සමාගමේ ගුවන් මෙන්ම භූමි කටයුතු මෙහෙයවන සෑම සාමාජික සේවකයෙකුගේම සුවිශේෂී උත්සාහයන්හි සෘජු ප්‍රතිඵලයක් බව සතුටින් ප්‍රකාශ කර සිටිනවා. අපගේ සේවා සහ නිෂ්පාදන තුළ පවතින දිගුකාලීන සහ උසස් තත්ත්වයේ ප්රමිතීන් මෙමගින් පෙන්නුම් කරනවා. ඒ වගේම, ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා අප ලබාදෙන කැපවීම තුළින් අපගේ සමස්ත ගමන් මග තුරාවට පාරිභෝගිකයන්ට ප්රතිලාභ රැසක් හිමිකරදී ඔවුන්ව තෘප්තිමත් කිරීමේ අභිමානය ගුවන් සමාගම සතුව පවතිනවා" යනුවෙනි.