ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා පාසල, ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් සමාගම හා එක්ව නවතමඉලෙක්ට්රොනික අධ්‍යයන ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේ. mLearning ලෙස නම්කර ඇති මෙය ගුවන් සේවා පාසලේ අධ්‍යාපන සහ පුහුණු අවශ්‍යතාවයන් සඳහා විශාල පහසුකම් රැසක් සලසා දෙනු ලබයි.
මෙම නවතම ඉලෙක්ට්‍රොනික mLearning සේවාව හරහා සජීවීව දේශන වලට සහභාගී වීමේ අවස්ථාව උදාවේ. මල්ටිමීඩියා මාධ්‍ය වන පවර්පොයින්ට්, ක්ෂණික පණිවිඩ, ශ්‍රව්‍ය ද්‍රෘශ්‍ය පහසුකම් සහ අන්තර්ජාල පහසුකම් හරහා ගුරුවරුන් සහ සිසුන් අතර අන්තර් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමටද අවස්ථාව සලසා දෙනු ලැබේ. එසේම ප්‍රශ්නෝත්තර සැපයීමේ සැසිවාරයන් තුළින් ඉතාමත් හොඳින් කරුණු පැහැදිලි කර ගැනීමට සහ ඔවුන්ගේ අනුමානයන් නිවැරදි කර ගැනීමට ද සිසුන්ට කදිම පරිසරයක් නිර්මාණය වී තිබේ. mLearningතුළින් අධ්‍යයන පත්‍රිකා හුවමාරු කිරීම , දේශන පටිගත කිරීම ඇතුළු පහසුකම් රැසක් සලසෙන අතර ශිෂ්‍යයින්ට එම දේශන අනාගත අවශ්‍යතාවයන් සඳහා භාවිත කිරීමටද අවස්ථාව සැලසෙන බව පෙන්වා දෙයි.