ශ්‍රී ලංකන් - කොන්ටාස් එකතුව ගුවන් සබඳතා අවස්ථා රැසක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත දිනපතා නොනවත්වා ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමග සිය ගුවන් මගීන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර සහ නවසීලන්තය වෙත පියාසර කිරීමේ අවස්ථා රැසක් උදාකර දී තිබේ.
ඒ වෙනුවෙන් එහි දිගුකාලීන පාර්ශ්වකරුවෙකු මෙන්ම වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවයක් වන කොන්ටාස් ගුවන් සමාගම හා එක්ව පසුගියදා පුළුල් සංකේත හුවමාරු ගුවන් ගිවිසුමක් වෙත එළැඹි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොන්ටාස් හරහා සංකේත හුවමාරු ගුවන් සබඳතා මගින් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට ඇඩිලේඩ්, බ්‍රිස්බේන්, සිඩ්නි සහ නවසීලන්තයේ විශාලතම නගරයක් වන ඕක්ලන්ඩ් වෙත ගුවන් ගමන් සිදුකරනු ඇත.
මීට අමතරව කොන්ටාස් ශ්‍රී ලංකන් ගුවන් සමාගම හරහා කොළඹ සහ හොංකොං අතර සංකේත හුවමාරු ගුවන් සබඳතා පවත්වනු ඇත. නව සංකේත හුවමාරු ගුවන් ගමන් සඳහා ආසන වෙන්කරවා ගැනීම් 2017 නොවැම්බර් මස 20 සිට ආරම්භ වන අතර 2017 දෙසැම්බර් මස 18 වැනිදා සිට ගුවන් සංචාරය ආරම්භ වන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

