ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ හැසිරවීමේ අංශය (www.srilankancargo.com) 2016 වර්ෂය තුළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් භාණ්ඩ මධ්යස්ථානයෙන්ගුවන් භාණ්ඩ ටොන් 239,636 ක් බෙදාහරිමින් නව වාර්තාවක් පිහිටුවා තිබේ. එය පසුගිය වසරට වඩා ටොන් 212,277 ක් එනම් 12,88% ක කැපී පෙනෙන වර්ධනයකි.
ශ්‍රී ලංකාව වෙත පියාසර කරන සෑම අන්තර්ජාතික ගුවන් සේවාවක් සඳහාම ගුවන් භාණ්ඩ සේවා සපයනු ලබන්නේ ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ අංශය විසින් වන අතර සියලු ගුවන් භාණ්ඩ ආනයන, අපනයන ප්‍රවාහනය සහ ප්‍රතිනැව්ගත කිරීම (transhipments) යනාදි සියලුම කටයුතු සිදුකරනු ලබයි. 2016 දී ප්‍රති අපනයන භාණ්ඩ ප්‍රමාණය ටොන් 39,842 ක් වන අතර එය 2015 වසරේ දීටොන් 35,877 ක් ලෙස වාර්තා විය.