ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් දැන් වන්වර්ඩ් සන්ධානයේ
ඉන්දියානු උප මහද්වීපයේ වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානය හා එක්වන ප්‍රථම ගුවන් සේවය බවට පත්වෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගියදා වන්වර්ල්ඩ් සන්ධානයට එක්විය.
ආරම්භයෙන් වසර 15කට පසු ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවා සන්ධානයක් ලෙස වන්වර්ල්ඩ් හි විශාලතම සාමාජික ජාල ව්‍යාප්තිය මෙයින් සම්පූර්ණ වන බව ශ්‍රී ලංකන් පවසයි.
අභිනවයෙන් ඉදිකළ හම්බන්තොට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වන්වර්ල්ඩ් නිල ලාංඡනය සහිත පළමු ශ්‍රී ලංකන් ගුවන් යානය එළිදැක්වීමට කටයුතු යොදා තිබිණි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වා දෙන පරිදි වන්වර්ලඩ් සන්ධානය හා ශ්‍රී ලංකන් එක්වීම නිමිත්තෙන් නිරන්තරයෙන් පියාසරකරන්නන් සඳහා දෙගුණයක ප්රතිලාභ හිමිවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

