ශ්රී ලංකන් ගුවන් සමාගම හරහා සුඛෝපභෝගී කාර් රථ නැව්ගත කළ බවට ඡායාරූප මඟින් පෙන්නුම් කළ සමාජ වෙබ් අඩවි විස්තර පිළිබඳව ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, පසුගිය වසරවලදී දෛනික ශ්රී ලංකන් ගුවන් භාණ්ඩ සේවාව යටතේ මෙවැනි ඉතා වටිනා ගුවන් භාණ්ඩ රැගෙන යාම සිදුකළත් 2014 ජූලි මස සිට ගුවන් සමාගම කිසිදු වටිනා සුඛෝපභෝගී කාර් රථයක් ගුවන් භාණ්ඩ ලෙස රැගෙන ගොස් නැති බවයි.