කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රම වාසනා අරමුදලට ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයක් වන ISO 9001:2015 තත්ත්ව සහතිකය හිමි වීම එම ආයතනයේ ඉදිරි ගමනට විශාල ශක්තියක් වනු ඇති බව කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රම වාසනා අරමුදලට හිමිවූ ISO 9001:2015 තත්ත්ව සහතිකය පිරිනැමීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සවය අමතමිනි.
කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ 07 ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවති එම උත්සවයේදී මෙම ප්‍රමිති සහතිකය පිරිනැමීම සිදු කෙරිණි.
රාජ්‍ය ආයතනයක් විසින් ISO 9001 2015 යන නවතම තත්ත්ව සහතිකය ලබාගන්නා ප්‍රථම අවස්ථාව මෙය වන අතර ,කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලින් මෙවැනි ජාත්‍යන්තර තත්ත්ව සහතිකයක් ලබාගන්නා ප්‍රථම ආයතනය වන්නේද ශ්‍රම වාසනා ආයතනයයි.