විසිතුරු මත්ස්‍ය කර්මාන්තය පිළිබඳ දෙවැනි අන්තර්ජාතික වෙළෙඳ හා තාක්ෂණික සම්මන්ත්‍රණය 2017 පෙබරවාරි මස 8 දා සිට 9 වැනිදා දක්වා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, මෙය සංවිධානය කරනු ලබන්නේ මැලේසියාවේ ස්ථාපිත ආසියා සහ පැසිෆික් කලාපීය රාජ්‍යයන් අතර අලෙවි තොරතුරු සහ තාක්ෂණික උපදෙස් සේවා සපයන සංවිධානය (INFOFISH), ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමයේ සහයෝගීතාවය සමගිනි.
මෙම සම්මන්ත්‍රණය තුළින් විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නියැලී සිටින විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන්, ආනයනකරුවන්, විසිතුරු මත්ස්‍ය අභිජනනකරුවන්, වගාකරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, විසිතුරු මසුන් අලෙවි කරන්නන්, පර්යේෂකයන්, ක්ෂේත්රයේ ප්‍රමුඛයින්, ක්ෂේත්රය පිළිබඳ අධ්‍යයනය කරන්නන්, සේවා සපයන්නන් සහ රාජ්‍ය නිලධාරීන් යන සියලුම පාර්ශ්වයන්ට ප්රතිලාභ අත්කර ගැනීමට හැකි වනු ඇත.