2014 වර්ෂයේ ජනවාරි - අප්‍රේල් දක්වා කාලය තුළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ආදායම 2013 වර්ෂයේ එම කාලයට සාපේක්ෂව රු.මිලියන 16,015 දක්වා 6.7%කින් වර්ධනය වී ඇති බව පැවසෙයි.
මේ යටතේ ඉහළ ආදායම් ඉපයූ භාණ්ඩ අතරට සීනි, අර්තාපල්, බී ලූනූ සහ එළවළු තෙල් අයත් වන බව කියැවෙයි.
අස්වනු නෙලන කාලයේදී දේශීය ගොවීන්ට ස්ථාවර මිලක් ලබාදීමට මෙන්ම අනෙකුත් කාලවලදී ස්ථාවර දේශීය පාරිභෝගික මිලක් පවත්වා ගැනීමට රජය විසින් තෝරාගත් භාණ්ඩ මත ඒකීය බද්දයක් වශයෙන් අය කරනු ලබන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැනවීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලද බවද පැවසෙයි.