ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට (SEC) නව වෙබ් අඩවියක් හා ලාංඡනයක් හඳුන්වාදීම සිදුවිය.
නව වෙබ් අඩවිය දියත් කිරීම හා ලාංඡනය හඳුන්වාදීම ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවය පිළිබඳජ්යෙෂ්ඨ අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අතින් සිදුවිය.
ප්‍රාග්ධන වෙළෙඳ පොළ පිළිබඳ ගුණාත්මකභාවයෙන් යුතු හා පහසුවෙන් ළඟාවිය හැකි තොරතුරු ලබාදීමේ විනිමය කොමිෂන් සභාවේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස www.sec.gov.lk වෙබ් අඩවිය දියත්වීම සිදුවූ බව පැවසෙයි.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා සහ විනිමය කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් / කාර්යභාර ප්‍රධානී ධම්මික පෙරේරා යන මහත්වරු සහභාගි වූහ.