විනිමය කොමිසමේ සභාපති ධුරයට රනෙල්
- 24 05 2018
- 18:42
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස රනෙල් තිස්ස විජේසිංහ මහතා පත්කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව, මෙම පත්කිරීම අද (24දා) සිට බලාත්මක කෙරෙන අතර, විනිමය කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස චන්ද්‍රකුමාර් රාමචන්ද්‍ර, ජයන්ත ප්‍රනාන්දු, අර්ජුන හේරත්, රජීව් අමරසූරිය සහ මංජුල හිරන්‍ය ද සිල්වා යන මහත්වරුන් ද පත්කර තිබේ.
විනිමය කොමිෂන් සභාවේ සභාපති ධුරය මේ දක්වා දරනු ලැබුවේ තිලක් කරුණාරත්න මහතා විසිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

