ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලුම ප්‍රාදේශීය කාර්යාල හා පුහුණු මධ්‍යස්ථානවලට ISO 9001 - 2008 තත්ත්ව සහතිකය හිමිවී තිබේ.
පසුගියදා තලවතුගොඩ, ග්‍රෑන්ඩ් මොනර්ක් හෝලයේ පැවති උත්සවයකදී මෙම තත්ත්ව සහතිකය පිරිනැමුණු අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහභාගි විය.
මෙහිදී, ISO තත්ත්ව සහතික ලබාගත් කාර්යාංශයේ ශාඛා කාර්යාල 30ක නියෝජිතයන්ට එම සහතික හා සම්මාන පිරිනැමීමද අමාත්‍යවරයා අතින් සිදුවිය.
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා, කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ආචාර්ය කීර්ති දිසානායක යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.