විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථ සඳහා බදු සහන දීමට 2018 අයවැය යෝජනාවලිය මගින් රජය පියවර ගැනීම විවේචනය කරමින් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් ජනතාව නොමග යවනසුළු නිවේදනයක් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විදුලි මෝටර් රථ සමාජය පවසයි.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම පෙ.ව.5.30 සිට ප.ව.6.30 දක්වා සාමන්‍ය අගයක පවතින අතර, ප.ව.6.30 සිට ප.ව.10.30 දක්වා එය අධික වී, ප.ව.10.30 සිට පෙ.ව.5.30 දක්වා ඉතාම අවම වන බවයි. නමුත්, මෙම ඉල්ලුමට අනුරූපව සැපයුම වෙනස් නොවනවා මෙන්ම, රාත්‍රී කාලයේ විදුලි නිපදවීමට ඉන්ධන භාවිත නොකරන අතර, වැය වන්නේ ඉතා අඩු පිරිවැයක් බවද ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් තම සංගමය මුල සිටම රජයේ අවධානය යොමුකළ බවත්, විදුලි ඉල්ලුම ඉතා අඩු ප.ව.10.30 සිට පෙ.ව.5.30 දක්වා කාලය තුළ විදුලි වාහන ආරෝපණය ඉදිරිපත් කිරීමේ විශේෂ අය ක්‍රම මේ වනවිට හඳුන්වාදී ඇති බවත් ඔවුහු පවසති. එමගින් විදුලි වාහන ආරෝපණය ජාතික විදුලි බල පද්ධතියට අමතර බරක් නොවී එමගින් විදුලි ඉල්ලුම් වෙනස පාලනයටද පහසු වනු ඇති බව ඔවුහු වැඩිදුරටත් පවසති.
මේ අතර, ජාතික බලශක්ති අර්බුදයක් අවස්ථාවේදී පවා ජාතික හා ගෘහස්ත බලශක්ති සුරක්ෂිතතාව ඉහළ දැමිය හැකි බවට හොඳම උදාහරණය පසුගියදා සිදුවූ ඉන්ධන හිඟය බවත් ඔවුහු පෙන්වා දෙති. නමුත්, ජාතික විදුලිබල පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණත් විදුලි වාහනය ගෘහස්ත සූර්ය බල පද්ධතිය මගින් ආරෝපණය කරගත හැකි වීම තුළින් ඉන්ධන නෞකා පැමිණෙන තුරු මුහුදට දත නියමවින් සිටියිය යතු නොමැති බවද ඔවුහු වැඩිදුරත් පවසති.
එමෙන්ම, සාමාන්‍ය වාහන මගින් ධාවනයේදී දුම පිටවීමට අමතරව නඩතුත් කිරීමේදී විශාල ලෙස තෙල් හා උපාංග පරිසරයට මුහාහරිනු ලබන අතර, විදුලි වාහනවල එම පරිසර හානිය නොමැති බවද පෙන්වා දෙයි. විදුලි වාහන බැටරියක් අවුරුදු 5 - 8ත් අතර කාලයක් වාහනයක භාවිත වන අතර, ඉන් පසු එය ගෘහස්ත බල පද්ධතිය සඳහා තවත් අවුරුදු 8ක් පමණ භාවිත කළ හැකි බවත් පෙන්වා දෙයි. එම භාවිතයෙන් පසුව බැටරි ප්රතිචක්රීයකරණය සඳහා නැවත අපනයනය කිරීමේ ක්‍රමවේද ඇති බවත්, රටක් ලෙස එම ක්‍රමවේද ඉක්මණින් හඳුන්වාදී ලෝකයත් සමග ඉදිරියට යාම මිස තාක්ෂණයට බිය වී සිටීම තම සංගමයේ කාර්ය නොවන බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.
ඒ අනුව, යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සහෝදරයන් පරිසරය කෙරෙහි ඇල්මක් දැක්වූයේ නම් කළ යුත්තේ ශබ්ද දූෂණය, වායු දූෂණය නොකරන ආනයනික ඉන්ධන මත නොයැපෙන පරිසර හිතකාමී ගමනක් වෙනුවෙන් විදුලි යතුරුපැදි හා සූර්ය බලශක්තිය පිළිබඳ අවධානයක් යොමු කිරීම බවද ඔවුහු පෙන්වා දෙති.\