වැවිලි සවිය යටතේ රු.මිලියන 7ක සහනාධාර
වැවිලි සවිය ගමින් ගමට ප්‍රජා සත්කාරක සේවාව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමේ තවත් එක් අදියරක් අගෝස්තු මස 26දා දවස පුරා කුලියාපිටිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ සංකල්පයක් අනුව, පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් සංවිධානය කෙරෙන මෙම වැඩසටහන පෙ.ව.9.00ට කුලියාපිටිය ශ්‍රී සරණංකර විද්‍යාලයේදී ආරම්භ වන බව අමාත්‍යංශය පවසයි.
කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන පොල් වගාකරුවන්ට හා පොල් වගාවට යොමු වන වගාකරුවන්ට පොහොර සහනාධාර, කප්රුක ආයෝජන ණය, පොල් පැළ, ස්වයං රැකියා ආධාර සහ ප්‍රායෝගික දැනුමද මෙම වැඩසටහන මගින් ලබාදෙන බව කියයි.
පොල් ආශ්රිත කර්මාන්තකරුවන් දිරි ගැන්වීම උදෙසා කප්රුක සම්පත් මධ්‍යස්ථාන පිහිටුවීමද මෙම වැඩසටහන තුළ ඇතුළත් බව කියැවේ.
එමෙන්ම, පාසල් දරුවන් තුළ පොල් ගස හා එහි වටිනාකම පිළිබඳ අවබෝධයක් ඇති කිරීමේ අරමුණින් සංවිධානය කළ නෙරළු සිත්තම් වැඩසටහනේ සමාරම්භයද මීට සමගාමීව සිදුවනු ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

