ලබන වසරේ පැවැත්වීමට නියමිත 'වාස්තු විද්‍යා 2016' ප්‍රදර්ශනය සමාරම්භක උත්සවයත්, 'වාස්තු විද්‍යා 2015' ප්‍රදර්ශනය වෙත ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කළ පුද්ගලයන් ඇගයීමත් අළලා විශේෂ උලෙළක් ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය විසින් සංවිධානය කරන ලදී.
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනයේ උපසභාපති වරලත් වාස්තු විද්‍යාඥ බර්නාඩ් ගෝමස් මහතාගේ පිළිගැනීමේ කතාවෙන් සහ එම ආයතනයේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂ ප්‍රනාන්දු මහතාගේ කතාවෙන් පසු ප්රතිනිර්මිත ප්‍රදර්ශන කුටි සැලසුම් ඉදිරිපත් කිරීමත්, ප්‍රදර්ශනයේ නිල වෙබ් අඩවිය දියත් කිරීමත් සිදුකෙරිණි.
එසේම අන්තර්ජාලය හරහා ප්‍රදර්ශන කුටි වෙන්කරගැනීමේ ක්‍රමවේදය පිළිබඳවත් මෙහිදී පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී. මීට අමතරව ප්‍රදර්ශනයේ ඇති වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ විනෝදාත්මක ප්‍රහසන නාටකයක්ද ඉදිරිපත් කරන්නට සංවිධායකයෝ කටයුතු කළහ.
'වාස්තු විද්‍යා 2016' ප්‍රදර්ශනය 2016 පෙබරවාරි මස 16 දා උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිත අතර, ජාතික සම්මේලනය එම මස 17 දා පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය පවසයි. ප්‍රදර්ශනයේ සමාරම්භය පෙබරවාරි මස 17 දා සිදුවන අතර, එයපෙබරවාරි 18 සිට 21 වැනිදා දක්වා දින හතරක් පුරා පෙ.ව. 10.00 සිට ප.ව. 10.00 දක්වා මහජනතාවට විවෘතව පැවතීමට නියමිතය.