වාණිජ පදනම් මත ව්‍යාපෘති ඇරඹීමට අයිස්ලන්තයෙන් ඇරයුම්
ධීවර කර්මාන්තය, මස් නිෂ්පාදනය සහ පලතුරු වගාව යන ක්ෂේත්රවල වාණිජ පදනමක් මත ශ්‍රී ලංකාව සමග ව්‍යපෘති ආරම්භ කිරීමට අයිස්ලන්ත ජනාධිපති ඔලාපුර් රැග්නාර් ග්රිම්සන් මහතා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යෝජනා කර තිබේ.
එක්දින චාරිකාවක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගොස් සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අයිස්ලන්ත ජනාධිපති ඔලාපුර් රැග්නාර් යන මහත්වරු අතර පසුගිය (21දා) අබුඩාබි නුවර එමිරේට්ස් පැලස් හෝටලයේ දී පැවැති ද්විපාර්ශවික සාකච්ඡාවේ දී අයිස්ලන්ත ජනාධිපතිවරයා ඉහත යෝජනාව ඉදිරිපත් කර කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අයිස්ලන්ත ජනාධිපතිවරයා පවසා ඇත්තේ එම නිෂ්පාදන සම්බන්ධයෙන් රටවල් 50 - 60ක පමණ සතුටුදායක වෙළෙදපොළක් පවතින බවය. එමෙන්ම, අයිස්ලන්තය මෙම ක්ෂේත්රවල නවීන තාක්ෂණ ක්‍රම වැඩි දියුණු කර ඇති බවත්, මාළු, මස් සහ පලතුරු කල්තබා ගැනීමට ඉන් හැකි වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව, අයිස්ලන්ත ජනාධිපතිවරයා යෝජනා කළ පරිදි ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟත්වය පළ කර තිබිණි.
	 
	(1).jpg) 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                