ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 'ව්‍යවසායකත්ව සම්මාන 2015' සඳහා අයැදුම්පත්‍ර භාරගැනීම අගෝස්තු මස 20 වැනිදායින් අවසන් වන බව එම මණ්ඩලය පවසයි.
20 වැනි වරටත් සංවිධානය කෙරෙන මෙම සම්මාන ප්රදානය මෙවර අදියර තුනකින් පැවැත්වීමට ඔවුන් සැලසුම් කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික්, පළාත්, ජාතික යන අදියර තුන යටතේ සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ සහ අතිවිශාල යන අංශ හතරකින් ව්‍යසායකයින් රැසක් මේ සඳහා ඉදිරිපත්වීමට නියමිතය. මෙහිදී සම්මාන ප්රදානය සඳහා සුදුස්සන් තෝරාගැනීම ජගත් වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ජාත්‍යන්තර නිර්ණායකයන් අනුව ස්වාධීන විද්වත් මණ්ඩලයක් යටතේ සිදු කෙරෙන බවත් එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.