ශ්‍රී ලාංකික ආර්ථිකයේ ගාමක බලවේගය වන ව්‍යවසායක ප්‍රජාව සංවර්ධනය කිරීම සඳහා පිහිටුවා ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (නීඩා) ව්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ ක්‍රියාකාරකම් කිහිපයක් නිල වශයෙන් දියත් කිරීම පසුගිය 09 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී සිදුකෙරිණි.
ව්‍යවසායකන් සවිබල ගැන්වීමේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ 'ව්‍යවසාය උදානය 2015' ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අනුයුක්ත කර ඇති ව්‍යවසාය සංවර්ධන නිලධාරීන් අතුරින් 120 දෙනෙකු සඳහාත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ව්‍යාපාර සැලසුම් සකස් කිරීම හා ව්‍යාපාර උපදේශනය පිළිබඳව CEFE Net හා GIZ ආයතනවල සහයෝගයෙන් සිදුකරනු ලැබූ පුහුණුවටත් අදාළව, පුහුණු බලපත්‍ර ලබාදීම මෙහිදී සිදුකෙරිණි.