ලොතරැයි මිල නංවන්නේ ජයග්‍රහණ වැඩි කරන්නලු
ලොතරැයි මිල ඉහළ නැංවීමට තීරණය කළේ ජනතාවට ජයග්‍රහණය කිරීමට ඇති අවස්ථා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණෙන් පමණක් බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පෙර පැවැති පාලනය යටතේ ජයග්‍රහණ සඳහා වෙන් කෙරුණු මුදල් විවිධ දූෂණ ක්‍රියාවන් සඳහා යෙදවූ බවයි. ලොතරැයියක මිල රු.20/- සිට රු.30/- දක්වා ඉහළ නැංවීමට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක විරෝධතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම අදහස් පළ කර ඇත.
අදාළ විරෝධතාකරුවන් කිසිවකුත් මෙතෙක් විෂයභාර අමාත්‍යවරයා ලෙස තමාගෙන් සාකච්ඡාවක් හෝ ඉල්ලා නැතැයි පැවසූ රවී කරුණානායක මහතා කියා සිටියේ මෙම විරෝධතා පසුපස දේශපාලන හස්ථයක් ක්‍රියාත්මක බවයි. එබැවින් කිසියම් පාර්ශ්වයක් ලොතරැයි අලෙවිය ප්‍රතික්ෂේප කරන්නේ නම් එම අලෙවි කටයුතු සිදු කරගෙන යාමට විශාල තරුණ පිරිසක් සූදානමින් සිටින බවද හෙතෙම පවසා සිටියි. ශ්‍රී ලංකාවේ භාණ්ඩයක් අලෙවි කිරීම වෙනුවෙන් ලැබෙන වැඩිම කොමිස් මුදල ලබා ගන්නා ලොතරැයි අලෙවි නියෝජිතයන් මෙවැනි ක්‍රියාවන්හි නිරතවීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

