ලිබියාවේ පවතින වත්මන් වාතාවරණය සැලකිල්ලට ගනිමින් ලිබියාවට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යැවීම තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය තීරණය කර ඇත.
ලිබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් එහි ශ්‍රමිකයන්ට හිතකර වතාවරණයක් නොපවතින බව දැනුම්දී ඇති බවත්, ඒ අනුව මෙම තීරණය ගත් බවත් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රන්දෙනිය මහතා පවසා තිබේ.
ලිබියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඉතා සුළු පිරිසක් රැකියාවල නිරතව සිටින බවත් එම පිරිස්ද මෙරටට ගෙන්වා ගැනීමට කඩිනමින් කටයුතු කරන බවද හෙතෙම පවසා තිබේ.
ලිබියාවේ දැනට පවතින ගැටුම්කාරී වාතාවරණය යහපත් අතට පත් වුවහොත් ශ්‍රමිකයින්ට නැවත ලිබියාවට යෑම සඳහා කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් පවසා ඇතැයි, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.