සුපිරි මෝටර් රථ වෙළඳ නාමයේ නවීනතම සුඛෝපභෝගී SUV මෝටර් රථය ලෙස ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි ස්පෝර්ට් රථය ශ්‍රී ලංකා වෙළෙඳ පොළ වෙත හඳුන්වාදීම මෑතකදී සිදුවිය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ලෑන්ඩ් රෝවර් සඳහා එකම නියෝජිතයා වන, SML ෆ්රන්ටියර් පෞද්ගලික සමාගම හරහා නවතම ඩිස්කවරි ස්පෝර්ට් මෝටර් රථය ලබාගැනීමේ අවස්ථාව උදාවන බව ඔවුන් පවසයි. මෙම නවතම රථය, එම මාදිලියේ ගෞරවය සහ සුඛෝපභෝගී බව තවත් පියවර කිහිපයකින් ඉහළට ගෙන යන SUV රථයක් බවත්, එය අදාළ පන්තියේ වාහන අතර ප්‍රමුඛයා බවට පත්වීම කිසිදු සැකයකින් තොරව සිදුවන බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.
මෙම නව හඳුන්වාදීම පිළිබඳ අදහස් දැක්වූ SML ෆ්රන්ටියර් ඔටෝමෝටිව්ස් හි කළමනාකාර අධ්යක්ෂ ෂෙරාන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, ලොව විශිෂ්ටතම හැකියාවන්ගෙන් පිරි, ඕනෑම අවශ්‍යතාවකට සරිලන, නම්‍යශීලී සහ විශිෂ්ටතම SUV රථයක් ලෙස සැලසුම් කර ඇති මෙය දැනට සිටින ලෑන්ඩ් රෝවර් පාරිභෝගිකයන් පමණක් නොව, ලෑන්ඩ් රෝවර් වෙළෙඳ නාමය ගැන මින් පෙර උනන්දු නොවූ පිරිසද ආකර්ෂණය කර ගැනීමට සමත්, මෙම වර්ගයේ වාහන අතරින් වඩාත් පරිපූර්ණ රථයක් බවයි.
සියලු නවීන අංගයන්ගෙන් පිරි ඩිස්කවරි ස්පෝර්ට් මෝටර් රථය, සිලින්ඩර් හතරේ ටර්බෝචාර්ජ් එන්ජිමකින් සමන්විතය. ලීටර 2.2ක ටර්බෝ ඩීසල් ක්‍රමය අධිපීඩන ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන්, අභ්‍යන්තර කොටස්වල අඩු ඝර්ෂණය සහ විශිෂ්ට ක්‍රියාකාරීත්වය සහ වාසිදායී ඉන්ධන පිරිමැසුම සඳහා ස්මාට් රිජෙනරේටිව් චාජින් යන විශේෂාංග මෙහි අන්තර්ගතය. ටර්බෝ ඩීසල් මෝටරය ස්වයංක්‍රීය වේග 9කට සරිලන ලෙස ඒකාබද්ධ වී තිබේ.
ඉහළ ශක්තිමත් බවකින් යුතු යකඩ සහ බෝරොන්වලින් මෙම නව SUV රථයේ බඳ සැකසී ඇති අතර, රියෙහි බරට වඩා 4.5 ගුණයක ප්‍රමාණයකට ඔරොත්තු දෙන වහලක්ද ඊට යොදා තිබේ. රියදුරු මෙන්ම මගීන් සඳහා වූ එයාර්බෑග්, රියදුරුගේ දණහිස් වෙනුවෙන් එයාර්බෑග් මෙන්ම පැති එයාර්බෑග් සහ උරහිස් ප්‍රදේශ ආවරණය සැලසෙන එයාර්බෑග්වලින්ද එය සමන්විතය. Euro NCAP ඝට්ටන පරීක්ෂණයේදී ඩිස්කවරි ස්පෝර්ට් රථය තරු පහේ ඉහළම සුරක්ෂිතතා වර්ගීකරණය ලබා ඇති බවද SML ෆ්රන්ටියර් පෞද්ගලික සමාගම වැඩිදුරටත් පවසයි.