ලාක්ෂා කර්මාන්තය දකුණේ ස්ථාපිත කිරීමක්
දකුණු පළාත තුළ ලාක්ෂා කර්මාන්තය ස්ථාපිත කිරීමේ අරමුණින් හෙට (29දා) ගාල්ල සිප්නාරා ගොඩනැගිල්ලේ පිහිටි ජාතික ශිල්ප සභා පළාත් කාර්යාල පරිශ්රයේදී ලාක්ෂා පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට ජාතික ශිල්ප සභාව සැලසුම් කර ඇති බව පවසයි.
මෙම වැඩමුළුව එදින සිට සති අන්ත දිනයන් හීදි දින 10ක් ආවරණය වන පරිදි නොමිලේ පැවැත්වීමට නියමිත බවත්, ගාල්ල දිස්ත්රික්කය තුළ සිටින දැව කැටයම් ශිල්පීන් 30ක් පමණ මෙම පුහුණු වැඩමුළුවේ ප්රතිලාභින් ලෙස තෝරා ගෙන ඇති බවද පවසයි.
දකුණු පළාතෙන් ලාක්ෂා කර්මාන්තය වියැකී යන්නට නොදී නැවත එය ස්ථාපිත කිරීමට ජාතික ශිල්ප සභාවට හැකියාව ලැබී ඇති බවත්, එහි 2 වැනි අදියර ලෙස මෙම පුහුණු වැඩමුළුව හරහා ලාක්ෂා කර්මාන්තය උපයෝගී කර දැව කැටයම් ශිල්පීන්ට තම කර්මාන්තය නිරමාණාත්මක හා ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කිරීමට හොඳ අවස්ථාවක් සැලසී ඇති බැවින් එයින් උපරිම ප්රයෝජන ලබාගන්නා ලෙසත් ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධි කීර්තිසේන මහතා ශිල්පීන් වෙත පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

