මෙරට සම්ප්‍රදායික කර්මාන්තයක් වන ලාක්ෂා කර්මාන්තය සංවර්ධනය කොට එම භාණ්ඩ සඳහා නවීන මෝස්තරද නිර්මාණය කොට විදේශ වෙළඳ පොළට යැවීම තුළින් එම ශිල්පීන්ට ඉතා වටිනා මිලක් එම භාණ්ඩ සඳහා ලබාගත හැකිවනවා මෙන්ම ඔවුන්ගේ උසස් කලා නිර්මාණයන් රසවිඳීමට ජාතික හා ජාත්‍යන්තර ප්‍රජාවට හැකියාව ලැබීමෙන් ඔවුන්ට ජාත්‍යන්තර කලා කරුවන් ගණයට පත්විය හැකි බවද සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ, පසුගියදා මාතලේ දිස්ත්‍රික්කයේ පහල හපුවිද සංවර්ධනය කරන ලද ලාක්ෂා ගම්මානය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමිනි.
මෙම ගම්මානය රු.මිලියන 3.5කට අධික මුදලක් වැයකොට සංවර්ධනය කර තිබූ අතර, ලාක්ෂා කර්මාන්තයේ නියැලෙන පවුල් 96කට අධික පිරිසකට අවශ්‍ය උපකරණ, වැඩමඩු හා පුහුණුව ද තාක්ෂණයද ලබාදී තිබුණි.
මේ සඳහා අරමුදල් සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය විසින් සපයා දී තිබූ අතර ජාතික ශිල්ප සභාව විසින් එය සංවිධානය කර තිබුණි.
ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් නවීන මෝස්තර ඇතුලත් පුහුණුව ලබාදී තිබුණි.