ඒක පුද්ගල ආයතන හා ආදායම් ලබන පුද්ගලයන්ට තම වාර්ෂික ලාභයෙන් රු.ලක්ෂ 5ක් දක්වා බදු නිදහස ලැබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීම මහතා පවසයි.
ඉන් ඔබ්බට ලබන ලාභයෙන් රු.ලක්ෂ 6 දක්වා 4% බැගින්ද, ඊළඟ ලක්ෂ 6 දක්වා 8% බැගින්ද බදු අය කරනු ලබන බවත්, එසේ රු.ලක්ෂ 6 බැගින් වැඩිවන සෑම කොටසකටම ගෙවිය යුතු ආදායම් බදු ප්‍රමාණය 4% බැගින් වැඩි වනු ඇති බවද පෙන්වා දෙයි.
මෙම ආදායම් බදු ක්‍රමය තම ව්‍යාපාර මත ලාභ ලබන ඒක පුද්ගල ආයතන හා ආදායම් ලබන අනෛකුත් සියලු පුද්ගලයන්ට එක හා සමාන ලෙස බලපවත්වනු ඇති අතර, මෙම නව බදු ක්‍රමය 2018 අප්‍රේල් 01 වැනිදා බදු වසරේ සිට ක්‍රියාවට නැංවෙන බවද මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.