ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ මහා සංගමය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද (23දා) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මැණික් ව්‍යාපාරිකයන්ට සහ පතල්කරුවන්ට අදාළව පැනනැගී ඇති ගැටලු පිළිබඳව සහ මැණික් ගැරීමේදී පාෂාණවල අඩංගු රත්රන් ප්‍රභේද වෙන්කර හඳුනාගැනීම සඳහා නිපදවූ නව යන්ත්‍රයක් පිළිබඳව මෙහිදී ඔවුන් ජනාධිපතිවරයා දැනුම්වත් කර තිබේ.
ඒ අනුව, අදාල යන්ත්‍රය භාවිතයෙන් වෙන්කර ගත් රත්රන් නියැදියක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ ඔවුන් එම යන්ත්‍රය රටට හඳුන්වාදීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.