ලංකා බැංකුව 2015 අගෝස්තු 1 වැනි දින සිය 76 වැනි සංවත්සරය සැමරීය. තවත් සියවසක් හා ඉන් ඔබ්බට ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්රයට නායකත්වය දීමේ දැක්මක් ඇති ලංකා බැංකුව, දැයේ ආර්ථික සංවර්ධනයට ඇති සිය සහජ කැපවීම හරහා සියලු තරාතිරම්වල දස ලක්ෂ සංඛ්‍යාත ජීවිතවලට සමීප වී තිබේ.
ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා පැවසුවේ, "ශ්‍රී ලංකාවේ බැංකුකරණ හා මූල්‍ය කර්මාන්තයේ අංක 1 බැංකුව ලංකා බැංකුවයි. අපගේ බැංකුකරණ ක්‍රියාවලීන් යළි නවීකරණය කරන්නට මෙන්ම පරිනාමණය කරන්නට අප ගන්නා සියලු පියවර සමස්ත ශ්‍රී ලාංකිකයන්ට වැඩි වටිනාකමක් ලබාදෙන්නට අවශ්‍ය හැකියාවෙන් යුක්ත බව අප දන්නවා. සියලු කල්හිම මේ ගැටලුවට විසඳුම් සපයමින් ශ්‍රී ලාංකියන්ගේ වෙනස්වන ජීවන රටාවන්ට ගැළපෙන ආකාරයට බැංකුව තම සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම හා පුළුල් කිරීම සිදු කරනවා" යනුවෙනි.
එමෙන්ම, ලංකා බැංකුවේ මහා කළමනාකාර ඩී.එම්. ගුණසේකර මහතා පැවසුවේ, "ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඔවුන්ගේ පහසුව සහ කඩිනම් සේවාවක් ලබාදීම සඳහා බැංකු ශාඛා ජාලය නවීකරණය කිරීමේ ක්‍රියාවලියක බැංකුව නියැලී සිටිනවා. වසර 75 ක් පුරා අප කෙරෙහි ගනුදෙනුකරුවන් තබා ඇති විශ්වාසය වෙනුවෙන් හැකි හොඳම බැංකුකරණ අත්දැකීම ඔවුන්ට ලබාදීම තහවුරු කරගැනීම බැංකුවේ න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක්. අති නවීනතම තාක්ෂණය හඳුන්වා දීමටත් ගනුදෙනුකරුවන් හට ඉහළම පහසුව ලබාදීමටත් ලංකා බැංකු ශාඛාවන් නවීකරණය කිරීමටත් අප අපේක්ෂා කරනවා" යනුවෙනි.