පොහොර සහනාධාරය ලබාදීම, කෘෂි නිෂ්පාදනවල මිල ස්ථාවර කිරීම, වැව් හා වාරි මාර්ග සංවර්ධනය, ගොවිජන සේවා මධ්‍යස්ථාන සංවර්ධනයට මෙන්ම ගෙවිතැන් සඳහා අවශ්‍ය නවින යන්ත්‍රොපකරණ ලබාදීමටද රජය කටයුතු කර ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේය.
චීන රජයේ ආධාර යටතේ රු.මිලියන 2600 ක් වටිනා කෘෂි යන්ත්‍රෝපකරණ හම්බන්තොට, මොණරාගල සහ බදුල්ල යන දිස්ති‍්‍රක්කවල ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබාදීම වෙනුවෙන් පසුගියදා ගාලු මුවදොර පිටියේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
චීන රජයෙන් ප්‍රධානයක් ලෙස ලබාදුන් අදාල යන්ත්‍ර සුත්‍ර තෙගය භාරදීමට අදාල ගිවිසුමට අත්සන් තැබීමද මෙහිදී සිදුවූ අතර, චීන රජය වෙනුවෙන් ශී‍්‍ර ලංකාවේ චීන තනාපති වූ ජයෑන්ග්හූ මහතාද, ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ද එක්විය.
රෝද හතරේ සහ දෙකේ ටැක්ටර් ඇතුළු උපාංග, ගොයම් පැල සිටවන යන්ත්‍ර, වීඅස්වනු නෙලන යන්ත්‍ර, වතුර පොම්ප ඇතුළු කෘෂි කර්මාන්තය සඳහා යෙදාගන්නා යන්ත්‍ර සුත්‍ර රැසක් අදාල දිස්ති‍්‍රක්කවල ගොවිජන සේවා මධ්‍යස්ථාන, ගොවි සංගම් සහ ගොවිමහතුන් වෙත බෙදා දීම මෙහිදි සිදුවිය.
මෙහිදි අදහස් දැක්වු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මිට වසරකට පමණ පෙර චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම කෘෂි උපකරණ ලැබුනු බවත්, ඒ වෙනුවෙන් චීන රජයට සහ ජනතාවට ලාංකික ජනතාවගේ ගෞරවය පුද කරන බවත්ය.
රටේ කෘෂි කර්මාන්තය සංවර්ධනය කරමින් ගොවිජනතාව ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයා ප්රමුඛ රජය සෑම විටම කටයුතු කරන බව පෙන්වා දුන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කලේ කිසිදු සැළකිල්ලක් නෙදක්වා තිබු ගොවිජන සේවා මධ්‍යස්ථාන සංවර්ධනය සඳහා රජය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරමින් සෑම ගෙවිජන සේවා මධ්‍යස්ථානයකටම කැබ් රථයක් ලබාදීමට කටයුතු කරන බවය.
එමෙන්ම, ක්ෂේත්‍ර නිළධාරීන් සඳහා රු.50,000/- වැනි මුදලකට යතුරුපැදි ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවත්, පැවසු අමාත්‍යවරයා සඳහන් කළේ මෙම පහසුකම් ලබාගනිමින් ජනතාවට සේවය කිරීම නිළධාරින්ගේ යුතුකම වන බවය.
තවදුරටත් අදහස් දැක්වු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ගොවි ජනතාවට අවශ්‍ය ණය පහසුකම් ලබාදීම සඳහා ගොවිජනතාවගෙන් සැදුම්ලත් ගොවිබැංකු ශක්තිමත් කිරීමට රුපියල් ලක්ෂ 40,000 ක් ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවය. එය ගොවි ජනතාවට ඔවුන් විසින් තිරණය කරන පොලි අනුපාතයකට බධාවකින් තොරව ණය ගැනීමට හැකි වැඩසටහනක් බවද අමාත්‍යවරයා පැවසීය.