රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුර රැය පහන් වනතුරු
ලෝක විද්‍යා දිනය (නොවැම්බර් 10දාට යෙදෙන) වෙනුවෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ, ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ඇතුළු අනෙකුත් ආයතන එක්ව විද්‍යාව මහ ජනතාව අතර ප්‍රචලිත කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් ගණනාවක් සංවිධාන කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය විසින් 2017 නොවැම්බර් 10 දිනයට යෙදෙන ලෝක විද්‍යා දිනයට සමගාමීව ජාතික විද්‍යා සතිය සැමරීම නොවැම්බර් 10 සිට 17 දක්වා ග්‍රහලෝකාගාර පරිශ්‍රයේදී සිදුකෙරේ.
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ඊයේ (10දා) දින ප.ව. 6.00 සිට පසුදින(11දා) උදෑසන 6.00 දක්වා විශේෂ වැඩසටහක් සංවිධාන කර තිබේ. එනම් රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරක් සහ විශේෂ දේශන මාලාවකි. එය පාසල් ළමයින් මෙන්ම, නාවික හමුදා නිලධාරීන්, බාලදක්ෂයින්, විශ්වවිද්‍යාල සිසුන්, වෘත්තීය පුහුණු ආයතනවල සිසුන් මෙන්ම මහජනතාව වෙනුවෙන්ම සංවිධාන කර ඇත.
මෙහිදී වත්මනෙහි සුලභව භාවිත කෙරන තාක්ෂණික උපකරණ, එනම්, ජංගම දුරකථන, පරිගණක, ටැබ් පරිගණක, වැනි උපකරණ වඩාත් ප්‍රයෝජනවත් ලෙස භාවිත කරනුයේ කෙසේද යන්න පිළිබඳව හා තාරකා විද්‍යාව සරලම ඉගෙන ගන්නේ කෙසේද යන්න පිළිබඳ දේශන මෙන්ම විද්‍යාත්මක සේවාවන ගණනාවක් පිළිබඳ දේශන රැසක් සිදුකෙරේ.
එමෙන්ම මෙරට සිටී කීර්තිමත් නිර්මාණකරුවෙකු වන ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ පුත්‍රයා වන පූර්ණ සම්පත් අල්විස් මහතාගේ විශේෂ දේශනයක්ද ඇතුළත්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


