රාජ්‍ය සේවයේ යෙදී සිටින සියලු සේවකයන් ඉලක්ක කරගනිමින් 'රන්සළු ප්රණාම' නමින් විශේෂිත වට්ටම් කාඩ්පතක් හඳුන්වාදීමට චැනල් 17 ආයතනය පියවර ගෙන තිබේ.
එහි පළමු පියවර පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයෙන් ආරම්භ වූ අතර, එහි සේවක සේවිකාවන් වෙත වට්ටම් කාඩ්පත් ලබාදීම සිදුවිය.
එමගින් DSI, ලාෆ් ගෑස්, ලංකා හොස්පිටල්ස්, තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්, සිංගර්, කාගිල්ස් ෆුඩ් සිටි, නෝ ලිමිට් සහ හමීඩියා යන ආයතනවලින් 05% සිට ඉහළට වට්ටම් ලබාගැනීමට හැකි බව පැවසෙයි.