රාජ්‍ය ආයතන සූර්ය බල ශක්තියට හැරෙයි
2017 අයවැය මගින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව වසර දෙකක් තුළ සියලු රාජ්‍ය ආයතන සූර්ය බලයෙන් බල ගැන්වීමේ ජාතික වැඩසටහනේ මුල් පියවර අද (09දා) මුදල් අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.
මුදල් අමාත්‍ය රවි කරුණානායක හා මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය සිදුකෙරුණු අතර, මේ යටතේ මුදල් අමාත්‍යාංශයේ විදුලිය බිල රු.ලක්ෂ දෙකකින් පමණ පහළ යන බව එම අමාත්‍යාංශය කියයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තිරසර යුගයක තෙවසරක ඇරැඹුම වැඩසටහන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සවිමත් ආර්ථිකයක් තුළින් බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ සංකල්පයට අනුව මෙය ක්‍රියාත්මක කෙරුණු බවත්, මෙහිදී මුදල් අමාත්‍යාංශයේ සවිකළ නව සූර්ය බලශක්ති පද්ධතිය අමාත්‍යවරුන් අතින් විවෘත වී තිබුණි.
එහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා කියා සිටියේ ආර්ථික සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය යනු කරුණු දෙකක් නොව එකක් බවයි. ඒ සඳහා වන දැවැන්ත පියවරක් මුදල් අමාත්‍යාංශයෙන්ම ආරම්භ කිරීම සතුටට කරුණක් බව හෙතෙම සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
