රබර් නිෂ්පාදන තාක්ෂණික හා නිරාවරණ වැඩසටහනක්
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහාය ඇතිව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ජුනි 13 සිට 16 දක්වා දිනවල එක්සත් රාජධානියේ ටුන් අබ්දුල් රසාක් පර්යේෂණ මධ්‍යස්ථානයෙහි (TARRC) රබර් නිෂ්පාදන අංශය සඳහා කාර්මික පුහුණු හා නිරාවරණ වැඩසටහනක් පවත්වා තිබේ.
ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ නිලධාරියෙක් ඇතුළු රබර් ආශ්රිත භාණ්ඩ නිපදවීම සහ අපනයනය කරන ප්රමුඛ සමාගම් කිහිපයක් මෙයට සහභාගී වී ඇති අතර, ග්ලෝබල් රබර් ඉන්ඩස්ට්‍රීස්, එලාස්ටොමෙරික් ඉන්ජිනියරින්, ටෙක්ස්ට්රිප්, කැම්සෝ ලෝඩ්ස්ටාර්, ඇන්සල් ලංකා, ජැෆර්ජි බ්‍රදර්ස් එක්ස්පෝර්ට්ස්, සැම්සන් රබර් ඉන්ඩස්ට්‍රීස්, මැරන්ගෝනි කාර්මික ටයර්ස් ලංකා, ඊයූ රීටෙක්, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් යන ආයතන ඒ අතර වූ බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
මෙම වැඩසටහනේ අරමුණු අතර රබර් තාක්ෂණය පිළිබඳ නවීන තාක්ෂණික වර්ධනයන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීම, දියුණු උපකරණ භාවිතයෙන් රබර් නිෂ්පාදන පරික්ෂාව සඳහා ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීම, රබර් තාක්ෂණය හා එහි යෙදීම් පිළිබඳ පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳ උනන්දුව ඇති කිරීම ඔවුන් විසින් පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

