රටේ නිවාස අවශ්‍යතාව ලක්ෂ 12ක් බවත්, ඉන් ලක්ෂ 5ක් කොළඹ දිස්ත්‍රික්කයට අවශ්‍ය බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ, මට්ටක්කුලිය ප්‍රදේශයේ ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් සොයා බැලීමට සිදුකළ සංචාරයකදී පැවති ජන හමුවකදීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"රටේ නිවාස අවශ්‍යතාවය ලක්ෂ 12ක් විදිහට ගණන් බලා තියෙනවා. ඉන් නිවාස ලක්ෂ 5ක් අවශ්‍ය වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවටයි. ඉන් හරි අඩක් ඒ කියන්නේ නිවාස ලක්ෂ දෙකහමාරක හදන්න අපි මුදල් වෙන් කරලා තියෙන්නේ. මේ වැඩේට අවුරුදු 3ක් විතර යනවා. අපි ඒ කටයුත්ත අවුරුදු එකහමාරකින් විතර හදන්න සැලසුම් කර තියෙනවා. එතකොට ඒ ජනතාවගේ ප්‍රශ්නවලින් 80% ක් විතර ඉවරයි.
හම්බන්තොට වරාය හදන්න කෝටි 19,800ක් වියදම් වුණා. ඔය වරාය හදන්න ගිය ගාණින් 10% ක් වියදම් කළා නම් මේ රටේ නිවාස ප්රශ්නය සෑහෙන දුරට විසඳිලා. එකෙන් තේරෙන්නෙ, මුදල් නොමැතිකම නොවෙයි. ඒවා නිසි කළමනාකරණයකින් තොරව වියදම් කිරිමේ ප්‍රතිඵල තමයි, අද මේ භුක්ති විඳිමින් ඉන්නේ.
යහපාලන ආණ්ඩුවේ වෙනස මෙයයි. අප වැය කරන හැම සතයක් ගැනම වගකීමක් අපට තියෙනවා. ඒ නිසා කොළඹ ජනාතාවගේ නිවාස ප්රශ්නය විසඳීම අපහසු කාරණාවක් නෙවෙයි කියන එක සඳහන් කළ යුතුයි.
ඒ වගේම, එක පොරොන්දුවක් දෙන්න කැමැතියි. එනම්, නිවාස හදන්නේ නැතුව කිසිවෙකුත් දැනට පදිංචි ස්ථානවලින් ඉවත් නොකරන බව වගකීමකින් යුතුව සඳහන් කරනවා." යැයි පවසා සිටියේය.