පළමු අදියර යටතේ යකඩ ඇඳන් නිපදවීම පිණිස හොරණ, දොඹගොඩ ඉදිකළ නවතම යුද හමුදා යුද්ධෝපකරණ කර්මාන්ත ශාලාව ඊයේ (01දා) යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
යුදු හමුදාපතිවරයා යුද හමුදා යුද්ධෝපකරණ බලකායේ උසස් නිලධාරීන් සමඟ පැවැත්වු සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් හොරණ දොඹගොඩ යුද්ධෝපකරණ පාසලේ දී සියලු යකඩ හා ලෝහ උපකරණ, වාහන වහල, නිල ඇඳුම් මැසීමේ උපකරණ, ඇඳ ඇතිරිලි, පාවහන්, මුද්‍රණ යන්ත්‍ර ආදිය නිපදවීමේ හැකියාව පිළිබඳව සොයා බලා තිබුණි.
කම්හල් ආඥාපති කර්නල් එච්.එල්. ගුරුගේ මහතා යටතේ හමුදා සෙබලුන් 75දෙනෙකු යොදාගනිමින් පළමු වැනි අදියර යටතේ පිහිට වූ මෙම කම්හල මගින් දිනකට යකඩ ඇඳන් 50 බැගින් නිපද වන බව පැවසේ.